Pages

Wednesday, April 28, 2010

පල්ලෙහා ස්කෝලෙ

අතීතයට යන්න කවුද ආස නැත්තේ.හිතට ඉඩක් තියෙන ගොඩක් වෙලාවට මම ඉන්නේ අතීතයේ.එනවද යන්න මාත් එක්ක මගෙ පුන්චිම කාලෙ ස්කෝලෙට.අපේ ප්‍රථමික විදුහලට.ඒක තිබුනු මහ විදුහලට ඉස්සරහ.පාරෙන් අනිත් පැත්තේ.ලොකු ස්කෝලෙට කියන්නේ උඩහ ස්කෝලෙ.අපේ එක පල්ලෙහා ස්කෝලෙ.මම මොන්ටිසෝරි ගියෙ මාස 6යි.අම්මල මට බල කලෙත් නෑ.මට උදේට නැගිටින්නත් කම්මැලියි.ඒක හින්දා මට මොන්ටිසෝරි යන්න වුනේ අන්තිම මාස 6 විතරයි.
ස්කෝලෙ ගිය පලවෙනි දවස මට තාම මතකයි.1 වසර.මම ගියේ අම්මත් එක්ක.එදා හැමෝම අඬනවා ඒත් මම ඇඬුවේ නෑ.මොකද මන්දා.එදා වුනු දේවල් වලින් මට මතක එක දෙයයි.අපිට කන්න දුන්නු කිරිබත් කෑල්ලෙන් බාගයක් කාල මම පන්තියෙ දැල අස්සෙන් ඒක අම්මට දුන්නා.ගෙදර ඉඳන් ස්කෝලෙට කිලෝ මීටරයක් විතර තියෙනවා.මායි අපේ චුටි අක්කයි තාත්තත් එක්ක බයිසිකලෙන් තමයි ස්කෝලෙ ගියෙ ආවෙ.චුටි අක්ක කියන්නෙ අපේ නැන්දගෙ දූ එයා මට වඩා මාස දෙකයි වැඩිමල්.
1 වසර ගෙවිල ගිහින් ඊළගට 2 වසරට ආපු ගමන්ම අපේ අම්මගෙ ඇඳුනුම් කමට මාව 2 වසරෙ හිටපු හොඳම ටීචර්ගෙ පන්තියට දැම්මා.
ඒ ටීචර් හරියට නාසි පාලකයෙක් වගේ.හරි දරදඩු පාලනයක් තිබුනේ.ඒ වගේ පුන්චි පන්තියකට ඒ වගේ දරුණු ගුරුතුමියක් කොහොම ගැලපෙනවද.ඒ පන්තියෙ හිටපු හැමෝම හිටියෙ හරි පීඩනයකින්.එක දවසක් මොකක් හරි ස්කෝලෙට ගේන්න කියල මට ඒක ගේන්න බැරි වුනා.දැන් ටීචර් ඉස්සරහා පේලි වල ඉදන් හැමෝගෙම ඒව බල බල එනවා.ගෙනත් නැති අයට ගුටි.මම ටොයිලට් එකට යන විදිහට ගිහින් පාර දිගේ දුවල ගියා.කොහොම හරි පාරට ගියාට ගෙදර යන්නෙ කොහොමද.එතකොට මට තනියම බස් එකේ යන්නත් බෑ.වෙලාවට ගෙවල් ගාව අයිය කෙනෙක් හිටියා.මිනිහට මම බොරු බඩේ අමාරුවක් කියලා එයත් එක්ක ගෙදර ගියා.ගෙදර ගියාම ආපහු අම්මල මාව ස්කෝලෙ එක්ක ආවා.ඒත් අර පන්තියට යන්න බෑ කියන මගෙ දැඩි තීරණය හින්දා මාව කලින් පන්තියටම මාරු කලා.
ඊළගට තුන වසර ඒ කියන්නේ අවුරුදු 8යි නේ.ඔය කාලෙදි හිත්වලට ආදරය වගේ දේවල් දැනෙන්පුළුවන්ද.බැරිමොකද මගෙ හිතට දැනුනනේ.අපෙ පන්තියෙ හිටපු ලස්සනම ගැහැණු ළමයට මම ආදරය කරන්න ගත්තා.
තනියෙන් නෙවෙයි මගෙ හොඳම යාළුවත් එක්ක.හැබැයි අපිට ඕන උනේ අපි දෙන්නගෙන් එයා කැමති කාටද කියල දැන ගන්න විතරයි. අපි ඒක දැන ගන්න එක එක දේ කරා.පස්සෙ එයා ඒක ටීච්ර්ටත් කිව්වා.හැබැයි මගෙ හිතේ එයා ගැන ලොකු හැඟීමක් ඒ ස්කෝලෙන් අයින් වෙනකම්ම තිබුනා.
4වසර, 5 වසර හැමෝගෙම එකම පැතුම 5 විභාගය.හැමෝම තරගෙට වැඩ.ඒත් මට එහෙම දෙයක් දැනූනේ නෑ.ගෙදරින් බල කලෙත් නෑ.
.ඒ කාලෙ හැමෝම මට කිව්වෙ ලස්සනට අකුරු ලියන්න කියලා මගෙ අකුරු හකුරු වගේ.ඉතින් මට හැමදාම පිටපත් ලියන්න දීල තිබුනා.ඒත් මට ඕක මතක් වෙන්නේ ටීච්ර් අරන් එන්න කිව්වට පස්සේ.ඉතින් එදාට මම මාසෙක විතර ඒව එක දිගට ලියන් යනවා.ඒ හින්දා මගෙ අකුරු කවදාවත් ලස්සන කරන්න බැරි වුනා.
පන්තියෙ හැමෝම ටියුශන් ගියාට මම ගියේ නෑ.මම නිවාඩු දවස් වලට,ස්කෝලෙ ඇරිල හවසට කලේ ඇති වෙනකම් සෙල්ලම් කරපු එක.විභාගෙ වෙනුවෙන් කියල කලේ ඉදල හිටල සතර පොත බලන එක විතරයි.ඒ සුන්දර පුන්චි ස්කෝල කාලෙ 5 වසරින් ඉවර වුනා.ඒත් මම පරාද වුනේ නෑ.මට්ටමට වඩා ලකුණු 4කින් මම විභාගෙ පාස්.
ඒකෙ තිබ්බ දේවල් වලින් මතක එකම දෙයයි.රචනාව,මම ලිව්වේ මිනිරන් ගහ තරඟයෙන් දිනල ගෙදර එනකොට ඇති වෙන සිද්දීන් සම්බන්ධ රචනයක්.
අපෙ පල්ලෙහා ස්කෝලෙ ගෙවපු ජීවිතය මට මතක ඇති තැන් කිහිපයක් මම අකුරු කලේ ඔන්න ඔහොමයි........

8 comments:

  1. ස්කෝලේ ගිය ඒ අතීතය කාට වුනත් සොදුරු මතකයක් මචන්...

    ReplyDelete
  2. අපේ ජීවිතයේ සොඳුරුම කාලය වෙන්න ඇති පාසැල් කාලය..ඒ වගේ සුන්දර අත්දැකීමක් ආයේ කවදාවත් විඳින්න ලැබෙන්නෙත් නෑ..
    හුගාක් රස වින්දා සුමිත්.....ඦේද කඩලා ලියන්න එතකොට තවත් ලස්සනයි...කියවන්නත් ලේසියි :D

    දිගටම ලියන්න...අපි ඉන්නවා කියවන්න

    ReplyDelete
  3. මින්දදට:ඔව් මචන් ඒ කාලෙ කොහොම අමතක කරන්නද..

    ReplyDelete
  4. දිල්ට:බොහොම ස්තුතියි ඔයාට...
    ඔය මේ ලැබුන වගේම ඉස්සරහටත් ඔය ගොල්ලන්ගෙ සහයෝගය ලැබෙන බව දන්න හින්දා තමයි තව තව ලියන්න හිතෙන්නේ...

    ReplyDelete
  5. හ්ම්....පුන්චිකාලෙ කියන්නෙ අපෙ ජිවිතවල හොඳ්ම කාලෙ.ගොඩක් සුන්දර මතක රැඳිල තියෙන්නෙ ඒකාලෙ තමා...මට පේනවිදියට කොල්ල පොඩිකාලෙ ඉඳලම මනමාලයෙක් වගේ!

    ReplyDelete
  6. මාවත් අතීතයට රැගෙන ගියා සටහන.

    ඉස්කෝලෙ යන්න තරමක් කම්මැලි උනත් එක වසරෙදි ඇඬුවෙ නම් නැහැ මම. තාම මතකයි එක වසරෙ පන්තියෙ සමීර කියල මගෙ යාලුවෙක් පන්තියට ආ මුල් දවසෙ අම්මට වෙරලු ගේන්න කිය කිය අඬපු හැටි. එක වසර ගැන මතක් කරද්දි මුලින්ම සිහියට එන්නෙ ඒ සිදුවීම තමයි. ඒත් එක්කම ඉස්කෝලෙ පළවෙනිම දවසෙ බ්‍රවුන් පේපර් කවරයක් ඇතුලට දාල තෑගි ලැබුණු සෙල්ලම් තාරාවයි,වලස් පැටියයි එඩ්නා චොකලට් එකයි..හෙහෙ.

    ඉදිරි පාසල් මතකයනුත් අකුරු කරමු හිමිහිට.

    ReplyDelete
  7. @කස්සා:පුන්චි කාලෙ මතක කොහොම අමතක කරන්නද,ඒ කාලෙ තමයි සුන්දරම.....
    ඒක මනමාල කමද මන්දා ඒත් එහෙම හැඟීම් ඒ කාලෙම දැනුනා. ;)

    ReplyDelete
  8. @ raven:ඒ දවස් කවදාවත් අමතක වෙන එකක් නෑ නේද.....
    බොහොම ස්තුතියි වෙලාව ලැබෙන විදිහට අකුරු කරමුකෝ..

    ReplyDelete